සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(i-කොටස)

5:44 PM
1 ප්‍රතිචාර
මට Linux ගැන ලියන්න හිතුනේ අපේ ගොඩක් බ්ලොග්කරුවන්  ඒගැන ලොකු උනන්දුවක් දක්වන බවක් පෙනුන නිසා.
ඉතින් මම දන්න ටික මේකේ ලියන්නම් මම ඒවාට reference විදිහට යොදාගන්නේ Wikipedia සහ මම ඉගෙනගත්තු දේවල් ඉතින් මම ලියන ඒවා වැරදිනම් ඒවා නිවැරදි කරන ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. 

එහෙනම් ඉතින් නමෝ විත්තියෙන්ම අපි වැඩේට මුල පුරමු.

මුලින්ම අපි බලමු කොහොමද ලිනක්ස් වල උපත කොහොමද සිද්ද උනේ කියලා.

ලිනක්ස් බිහිවුනේ යුනික්ස් කියන මෙහෙයුම් පද්ධතිය මූලාශ්‍රය කරගෙන.  
යුනික්ස් මෙහෙයුම් පද්ධතිය බිහි වුනේ 1960 ගණන් වල AT & T ලාගේ bell ලැබ් එකේ.
ඒකට මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ Ken Thomson, Dennis Ritchie, Douglas Mcllory සහ Joe Ossanna කියන අයයි.
ඉතින් මේ ගොල්ලෝ පලමු යුනික්ස් එක නිකුත් කලා 1971 හැබැයි ඒක ලියලා තිබුනේ assembly language  වලින්.
මළ කෙලියයි දැන් කට්ටියම අහයි ඒ මොකක්ද කියලා assembly language කියලා කියන්නේ low-level programming language 1.
ඒක කෙලින්ම ගනුදෙනු කරන්නේ machine එකේ hardware level  එකත් එක්ක.
assembly language එකේ තියෙන්නේ binary machine කෝඩ් 1.   
මම හිතනවා දැන් කට්ටියට assembly language කියන්නේ මොකක්ද කියලා දළ අදහසක් ඇති කියලා.
ඊට පස්සේ 1973 විතර Dennis Ritchie  විසින් ඒක ආයෙත් කෝඩ් කලා ඒ C language 1 බාවිතා කරමින්.
ඊටත් පස්සේ 1983 විතර Richard Stallman විසින් Free Software Foundation සහ GNU project 1 පටන් ගත්තා.
ඔහොම ඉන්න අතරේ Andrew S. Tannenbaum යුනික්ස් ක්ලෝනයක් හැදුවා මිනික්ස් කියලා හැබැයි ඒක අධ්යාපන කර්තව්‍යට පමණක් සීමා උනා.
ඊට පස්සේ තමයි Torvalds ලිනක්ස් කර්නලය හැදුවේ  මිනික්ස් වලින්.
ඉතිහාසය කියවලා කට්ටියටම එපා වෙලාද දන්නේ නැහැ.
ම්............. මට හිතෙනවා ඉතුරු ටික හෙට කියන්න මොකද එපා උනොත් අපරාදෙනේ එහෙනම් හෙට හමුවෙමු!.     

Stay Connected With Free Updates

Subscribe via Email

1 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.