සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(viii-කොටස)

12:20 PM
1 ප්‍රතිචාර
අප්පා........... කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා නේ... අම්බානෙකට වැඩ 
 මට එපා....... වෙලා තියෙන්නේ ...
 මොනා කරන්නද?
අද මම පොඩ්ඩක් ලිනක්ස් commands ගැන කියන්නයි යන්නේ.. 

මොකද ලිනක්ස් commands ගැන හොද දැනීමක් තියෙනවනම් ආයේ ඉතින් කියලා වැඩක් නැහැ ගොඩම තමයි.... ඒක නිසා අද මම මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.

Linux ගැන(vii-කොටස)

12:06 PM
3 ප්‍රතිචාර

ඔන්න ඉතින් අදත් මම ලිනක්ස් ගැන කියන්නයි යන්නේ .
මම එදා කතා කලා shell එක ගැන අද මම shell එක ගැන ඉතිරි ටිකත් file system එකේ පොඩ්ඩක් ඇවිදලා බලන්නත් තමයි හිතාගෙන ඉන්නේ.
මේ shell එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලනට මතක ඇති කියලා මම හිතනවා.
මම මෙතනදී ආයේ ඒගැන කියන්න යන්නේ නැහැ අමතකනම් මගේ කලින් ලිපි කියවන්න. 
මේ shell වර්ග කිහිපයක් තියෙනවා කියලා මම කලින් කිව්වානේ. මේ shell වලින් අපිට කැමති shell එකක් පාවිච්චි කරන්න පුලුවන්.

Linux ගැන(vi-කොටස)

7:27 PM
1 ප්‍රතිචාර
මම ලිනක්ස් වල ඉතිහාසයත් standard file system hierarchy එක ගැනත් මේ වෙනකොට කතා කරලා තියෙනවා මම ලියපු ඒවට හොද ප්‍රතිචාරත් හම්බ උනා හැමෝටම ස්තූතියි.

මම අද පොඩ්ඩක් විතර වෙනස් පැත්තක් ගැන කතා කරන්නම්.
මම අද කතා කරන්නේ Linux distribution එකක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් shell  එක ගැනත් තමයි.

මුලින්ම අපි බලමු linux distribution එකක් කියන්නේ මොකක්ද කියලා linux distribution එකක් කියන්නේ විවිධ පිරිස් develop කරපු components ටිකක් සම්පූර්න system එකක් ඇතුලේ එකට වැඩ කරන්න පුලුවන් විදිහට හදපු එකතුවක්.
උදාහරනයක් විදිහට මේ components වලට tools, software, utilities වගේ දේවල් ගන්න පුලුවන්.

Linux ගැන(v-කොටස)

12:21 PM
3 ප්‍රතිචාර

එදා මම dev කියන directory එකට එනකන් කතා කලා.
අද මම එතන ඉදන් ඉදිරියට ලියාගෙන යන්නම්.

මේකේ තව එකක් තියෙනවා etc directory කියලා ඒකේ තියෙන්නේ file system එකට අදාල වූ configurations files ටික.
ඒක අපි පෙන්නන්නේ /etc විදිහට ඔයගොල්ලන්ට මතක ඇති “/” කියන්නේ root එක කියලා.

තව එකක් තියෙනවා home directory කියලා. ඒකේ තියෙන්නේ users ලාගේ home directory ටික.

ඊලග එක තමයි initrd directory කියන directory එක. ඒකෙන් වෙන්නේ boot process එකේදී initial ram image එක තබාගැනීමයි.

Linux ගැන(iv-කොටස)

12:52 PM
2 ප්‍රතිචාර
ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අදත් ලිනක්ස් ගැන පොඩ්ඩක් කියන්නයි හදන්නේ.

අද මම කියන්නේ.............. ලිනක්ස් වල file system hierarchy එක  ගැනයි.

මේ file system hierarchy එකට  standard එකක් තියෙන්වා අපි ඒකට කියනවා file system hierarchy standard (FHS) කියලා.

 මම කතාකරන්න යන්නේ මේ file system hierarchy standard ගැනැයි.

ලිනක්ස් වල අපිට දක්නට ලැබෙන්නේ එක root directory එකක් විතරයි.
ඒක නිසා අපි කියනවා ලිනක්ස් වල තියෙන්නේ unified file system එකක් කියලා.
අපි මේක windows එක්ක සන්සන්දනය කරලා බැලුවොත් windows වල හැම එකකටම වෙනම වූ root directory එකක් තියෙනවා ඒවා වලට විතරක් නෙමෙයි cd-rom එකට usb drive එකට පවා වෙනම root directory එකක් තියෙනවා.
ඒවා C:\, D:\... ඔය විදිහටනේ තියෙන්නේ නමුත් ලිනක්ස් වල එහෙම නැහැ එක වෙනම root directory එකක් විතරයි තියෙන්නේ.