සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

මෙන්න නියම පාටි.....

5:02 PM
2 ප්‍රතිචාර
මේ සීන් එක කියන්න යන්නේ අපේ යාලුවෙක් අපිට දුන්න පාටි එකක් ගැන.
   
ඇත්ත‍ටම කිව්වොත් එකක් නෙමෙයි දෙකක්! මේ යාලුවාගේ නම නම්! මම කියන්න යන්නේ නැහැ... මොකද ඒක... පොරගේ ආත්ම ගරුත්වය පිලිබදව ප්‍රශ්නයක් වෙන හින්දා.  
ඒ හින්දා ප්‍රසිද්ධියේ නම ප්‍රකාශ කිරීමෙන් මම වැලකී සිටිනවා මොකුත් කියන්න යන්නෙ නැහැ (අප්‍රසිද්ධියේ මොනවා කිව්වත්... :D) මේ යාලුවා කව්ද කියලා සමහර විට ඔයගොල්ලෝ දන්නවත් ඇති... මොකද.... පොර එච්චරටම ප්‍රසිද්ධ නිසා. 
කොහොමෙන් කොහොමහරි සීන් එක මේකයි! (එකක් කිව්වට..... ඇත්තටම සීන් දෙකක්!!!) පලවෙනි එක උනේ පොරට ජොබක් සෙට් උනා ඉතින් ඒකේ ප්‍රීතිය නිමිත්තෙන් අපි මුගෙන් දත පොඩ්ඩක් හොලවන්න බැලුවා…. නමුත් හරිගියේ නැහැ
නමුත් පොර පොරොන්දු උනා පොරගේ first salary treat එක මේකත් එක්ක දෙනවා කියලා. 
දැන් ඉතින් අපි සේරම දත කට මැදගෙන හිටියා මාසේ අන්තිම වෙනකන්.
  මාසේ අන්තිමට පොරට first salary එක හම්බ උනා.
  දැන් ඊට පහුවෙනි සෙනසුරාදා පොර ඔකොම සෙට් එකට invite කලා පාර්ටි එකට එන්නෙයි කියලා දන්නවනේ..... අපි පාටි වලට යන හැටි දවස් දෙක තුනක් නොකා නොබී.... බඩ එහෙම සුද්ද කරගෙන එහෙමනේ පාටි වලට යන්නේ( නැත්නම් හොද නෑනේ පොර තලහා උනොත්! :p) 
දැන් ඔන්න කස්ටිය ඔක්කොමත් එක්ක කතා වෙනවා කොහොමද කින්ද මන්ද අරකද මේකද කියලා. අතරේ පොරගේ ගෑනි කිව්වා "අපි එලියට යන්!" කියලා.

අ‍පේ අයියාගේ මගුල....

11:49 PM
6 ප්‍රතිචාර
මේ post එක draft ගොඩේ තිබිලා මට හම්බ උනේ.
ඒක ලියලා මාස ගානක් වෙනවා.
ඒත් මම ඒක දැක්කේ නැහැ නොවැ.
ඉතින් මම හිතුවා මේක publish කරලා දාන්න.

මේ සීන් එක අපේ අයියාගේ මගුල ගැනයි.
මම ගැන දන්න කස්ටිය බලයි මූට කොයින්ද බොල අයියෙක් කියලා. මේක ඇත්තටම අපේ මාමාගේ ලොකු පුතන්ඩියගේ වැඩක් ගැන තමයි.
පොර මාමාගේ පුතා උනාට පොර මට සලකන්නේ උගේම මල්ලී විදිහට. වෙලාවකට නම් ඒක හොදයි! අපෝ.......වෙලාවකට නම් පුදුම ඇපට් එකක්.

මාත් ගියානේ දැයට කිරුල බලන්න

11:37 PM
7 ප්‍රතිචාර
මේ post එක දාන්න තිබ්බේ මීට දවස් ගානකට ඉස්සර නමුත් දාන්න බැරි උනා .
තිබ්බ වැඩත් එක්ක කොහොමහරි ඒක පහුවෙලා හරි publish කරන්න හිතුවා.ඔය ගොල්ලෝ කව්රුත් දන්නවා  ඇති මේ පාර දැයට කිරුල තිබ්බේ කොහෙද කියලා.
තමයි බුත්තල බදුල්ලේ ඉදලා පොඩි දුරයි තියෙන්නේ.
ඒත් මගේ එච්චර කැමැත්තක් තිබුනේ නැහැ ඕක බලන්න යන්න.
ඒ....ත් අපේ පියාගෙන් හෙන බර බරේ..... "ගේ ගාවටත් ඇවිල්ලා තියෙන්නේ ඒවත් මේකා යන්නෑනේ" කියලා.
කොහොමෙන් කොහොමෙන් හරි අපේ තාත්තා වාහනයකුත් සෙට් කරලා මට යමන් කියලා කිව්වා.
පොරගෙන් බේරෙන්න බැරි හින්දා මමත් හා කිව්වා.
ආ.....මට කලින් කියන්න අමතක උනා අපේ තාත්තා ඒදවස් වල duty හිටියේ එහේ.
ගෙදර ආවම මල කරච්චලයයි අරවා හදලා තියෙනවා මේවා හදලා තියෙනවා කියලා.
මට ඒත් යන්න හිතක් නම් තිබේ.....ම නැහැ පස්සේ පොර කියාපි "යමන් යකෝ... අඩු ගානේ උබට කෙල්ලෙක් වත් සෙට් වෙයිනේ" කියලා.
ඒත් මගේ නම් කැමැත්තක් තිබුනේම නැහැ මොනා කරන්නද මම try කලා අම්මා විතරක් යවලා ෂේප් වෙන්න.

අපේ ජීවිත (ඉතිරිය)

11:18 PM
4 ප්‍රතිචාර
අපේ ජීවිත වල ඉතිරිය ලියන්න කියලා හිටියට කොහෙද ඒක ලියන්න උනේ නැහැ.
අද එච්චර වැඩකුත් නැති එකේ ඒකත් ලියලා දැන්මා නම් හොදයි!
මම shopping කේස් එකේ ඉදලම කතාව පටන් ගන්නම් කස්ටියටම මතකෙ ඇතිනේ අපි පටන් ගත්ත විදිහ දැන් ඉතින් ඒ shop එකෙන් හිනා වෙවී එලියට බැස්සා එරන්දයා කරපු වැඩේ (වැඩේ මතක නැත්නම් මේක බලන්න )නිසා වැඩි වෙලාවක් එතන ඉන්න පුලුවන් උනේ නැහැ අපිට.
එලියට බැහැලා ඔහොම සෙට් එකම පහල කඩයකට යන්න හදනකොටම අපේ එකෙක් එරන්දයාට අවවාදයක් දෙන්න කියලා පිටිපස්සට හැරෙන කොට එරන්දයා missing..
දැන් මාර කෙලියනේ මේ යකා කොහින් හරි හොයාගන්න එපැයි ඒදවස් වල අපේ ලග mobile තිබ්බේත් නැහැ .
දැන් කොහොමහරි කට්ටිය එරන්දයාට ජාතිය අමතන්න පටන්ගත්තා .