මේ සීන් එක කියන්න
යන්නේ අපේ යාලුවෙක් අපිට
දුන්න පාටි එකක් ගැන.
ඇත්තටම කිව්වොත් එකක් නෙමෙයි
දෙකක්! මේ යාලුවාගේ නම නම්!
මම කියන්න යන්නේ නැහැ...
මොකද ඒක... පොරගේ ආත්ම
ගරුත්වය පිලිබදව ප්‍රශ්නයක් වෙන
හින්දා.
ඒ හින්දා ප්‍රසිද්ධියේ නම
ප්‍රකාශ කිරීමෙන් මම වැලකී
සිටිනවා මොකුත් කියන්න යන්නෙ
නැහැ (අප්‍රසිද්ධියේ මොනවා කිව්වත්... :D) මේ
යාලුවා කව්ද කියලා සමහර
විට ඔයගොල්ලෝ දන්නවත් ඇති...
මොකද.... පොර එච්චරටම ප්‍රසිද්ධ නිසා.
කොහොමෙන් කොහොමහරි සීන් එක මේකයි!
(එකක් කිව්වට..... ඇත්තටම සීන්
දෙකක්!!!) පලවෙනි එක උනේ
පොරට ජොබක් සෙට් උනා
ඉතින් ඒකේ ප්‍රීතිය නිමිත්තෙන්
අපි මුගෙන් දත පොඩ්ඩක්
හොලවන්න බැලුවා…. නමුත් හරිගියේ නැහැ.
නමුත්
පොර පොරොන්දු උනා පොරගේ
first
salary treat එක මේකත් එක්ක දෙනවා
කියලා.
දැන් ඉතින් අපි
සේරම දත කට මැදගෙන
හිටියා මාසේ අන්තිම වෙනකන්.
මාසේ අන්තිමට පොරට
first
salary එක හම්බ උනා.
දැන්
ඊට පහුවෙනි සෙනසුරාදා පොර
ඔකොම සෙට් එකට invite කලා පාර්ටි
එකට එන්නෙයි කියලා දන්නවනේ.....
අපි පාටි වලට යන
හැටි දවස් දෙක තුනක්
නොකා නොබී.... බඩ එහෙම
සුද්ද කරගෙන එහෙමනේ පාටි
වලට යන්නේ( නැත්නම් හොද
නෑනේ පොර තලහා උනොත්! :p)
දැන්
ඔන්න කස්ටිය ඔක්කොමත් එක්ක
කතා වෙනවා කොහොමද කින්ද
මන්ද අරකද මේකද කියලා.
ඒ අතරේ පොරගේ ගෑනි
කිව්වා "අපි එලියට යන්!" කියලා.