සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

මාත් ගියානේ දැයට කිරුල බලන්න

11:37 PM
7 ප්‍රතිචාර
මේ post එක දාන්න තිබ්බේ මීට දවස් ගානකට ඉස්සර නමුත් දාන්න බැරි උනා .
තිබ්බ වැඩත් එක්ක කොහොමහරි ඒක පහුවෙලා හරි publish කරන්න හිතුවා.ඔය ගොල්ලෝ කව්රුත් දන්නවා  ඇති මේ පාර දැයට කිරුල තිබ්බේ කොහෙද කියලා.
තමයි බුත්තල බදුල්ලේ ඉදලා පොඩි දුරයි තියෙන්නේ.
ඒත් මගේ එච්චර කැමැත්තක් තිබුනේ නැහැ ඕක බලන්න යන්න.
ඒ....ත් අපේ පියාගෙන් හෙන බර බරේ..... "ගේ ගාවටත් ඇවිල්ලා තියෙන්නේ ඒවත් මේකා යන්නෑනේ" කියලා.
කොහොමෙන් කොහොමෙන් හරි අපේ තාත්තා වාහනයකුත් සෙට් කරලා මට යමන් කියලා කිව්වා.
පොරගෙන් බේරෙන්න බැරි හින්දා මමත් හා කිව්වා.
ආ.....මට කලින් කියන්න අමතක උනා අපේ තාත්තා ඒදවස් වල duty හිටියේ එහේ.
ගෙදර ආවම මල කරච්චලයයි අරවා හදලා තියෙනවා මේවා හදලා තියෙනවා කියලා.
මට ඒත් යන්න හිතක් නම් තිබේ.....ම නැහැ පස්සේ පොර කියාපි "යමන් යකෝ... අඩු ගානේ උබට කෙල්ලෙක් වත් සෙට් වෙයිනේ" කියලා.
ඒත් මගේ නම් කැමැත්තක් තිබුනේම නැහැ මොනා කරන්නද මම try කලා අම්මා විතරක් යවලා ෂේප් වෙන්න.