සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

අපේ ජීවිත

11:40 PM
2 ප්‍රතිචාර
ඔන්න ඉතින් 2010 වසර ගෙවිලා ගිහින් 2011 ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ.
අද මට ලියන්න හිතුනේ හීතලේ ගෙදරට වෙලා ඉන්න කොට මම පොඩ්ඩක් මගේ පුංචි කාලේ ඉදන් මේ දක්වා මගේ ජීවිතය ගැන කල්පනා කරා.
මොකද මේ දවස් වල බදුල්ලට පට්ට සීතලයි මදිවට අම්බානෙකට වහිනවා ඉවරයක් නැහැ ඉතින් මේ හීතලේ ගුලි වෙලා ඉන්න කොට ඉබේටම වගේ මට අපේ අතීතය මතක් උනා.
ඒකේ සමහර දේවල් තියෙනවා පුදුමත් හිතෙනවා තව සමහර දේවල් තියෙනවා ඇඩෙන ඒවත් තවත් සමහර සිද්දීන් තියෙනවා බඩ අල්ලගෙන හිනා යන දේවල්.
ඉතින් මට හිතුනා මේ ටික මගේ blog එකේ ලියන්න ඕනි කියලා 

උබුන්ටු 10.10 වල wireless network connection එකක් හදා ගන්න හැටි

10:37 PM
0 ප්‍රතිචාර
මේක මම කලින් දාන්න ඕනි post එකක් 
මොකද කලින් මගේ බ්ලොග් එකේ එක්කෙනෙක් ඒ ගැන කරලා comment කරලා තිබ්බා 
නමුත් අවාසනවට මට ඒගැන ලියන්න උනේ නැහැ එදත් මම ඒක ලියන්න කියලා හිතාගෙන හිටියට මට ලියන්න උනේ නැහැ අම්බානෙකට නිදි මතක් ආවනේ  
අද නම් මම කොහොමහරි ඒ ගැන ලියනවාමයි කියලා තමයි මේ පැත්තට ආවේ 

මට නිකන් .............

10:33 PM
2 ප්‍රතිචාර
ඇති....යාන්තම් ඩිංගක් ඉඩක් ලැබුන වෙලේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්න කියලා තමයි හදන්නේ
මොකද අපේ සිරකරුවා මේ ලගදී මැරෙන්න වැටිලා හිටියේ.
කව්රුත් කෙල පෙර පෙර හිටියේ මූ දැන් මැරෙයි! දැන් මැරෙයි! කිය කිය.
නමුත් අපේ කරුමෙටද! රටේ කරුමෙටද! මන්දා මූට සනීප උනා .
මම කිව්වා කීයක් හරි දෙන්නම් මැරියන්කෝ..... කියලා.
කොහෙද  මූ ඒකටවත් කැමති නැහැ නේ. 

online streaming වන audio එකක් capture කරගන්න

5:39 AM
3 ප්‍රතිචාර
ඔන්න අදත් blog එක පැත්තේ ඇවිත් යන්න ආවා 
හැබැයි! පුතෝ... අදනම් ලිනක්ස් ගැන නම් නෙවෙයි කියන්න යන්නේ.. 
මේක මට හම්බ උන පොඩි software එකක්.
ඒකත් හම්බ උනේ අම්බානෙක කට්ටක් කාලා.
අපේ පන්සලේ හාමුදුරුවන්ගේ බණක් යනවා radio එකේ ඒක record කරලා දෙන්න කියලා මට කිව්වා .
මාත් ඉතින් පොර වගේ වැඩේ බාරගත්තා.
සීන් එක කියන්නේ මේක හිතපු තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා මට තේරුනේ වැඩේ කරන්න යනකොටයි මොකද jetaudio වගේ player එකක් පාවිච්චි කරන කොට recording එකේ අම්බානෙකට එක noise එනවා recording එක clear නැහැ .
මොන දෙයියන්ට කියන්නද... කොහොම හරි කලිසම ගලවා ගන්න බැහැ නේ.. මම ඉතින් Google වල කොටලා කොටලා යාන්තම් එකක් හොයා ගත්තා . 
අන්න ඒක තමයි මම අද ඔයාලට දෙන්න හදන්නේ.
පාවිච්චි කරන්න හරිම ලේසි 10 MB විතර පොඩි software එකක් මේක  
 අපි install කරගත්තම ඒකෙන් add-on එකක් අපේ browser එකට install වෙනවා හැබැයි පුතෝ මේක support කරන්නේ Firefox සහ IE(Internet Explorer) වලට විතරයි.
මම ගාව chrome එක තිබ්බා ඒකට support කරන්නේ නැහැ.
අනික් ඒවා ගැන නම් මම දන්නේ නැහැ.
install කරගත්තට පස්සේ browser එකේ මෙහෙම

  
tool bar එකක් පෙනේවි .
ඊට පස්සේ ඉතින්.. ගොඩම තමා.
අපිට ඕනි එක record කරගන්න තමයි තියෙන්නේ.
හරිම ලේසියි recording එකේ quality එකත් මරු.
ආ...... මට link එක දෙන්න අමතක උනා නේ.... මෙන්න මෙතනින්  ඔයගොල්ලොත් බා ගන්න