සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

online streaming වන audio එකක් capture කරගන්න

5:39 AM
3 ප්‍රතිචාර
ඔන්න අදත් blog එක පැත්තේ ඇවිත් යන්න ආවා 
හැබැයි! පුතෝ... අදනම් ලිනක්ස් ගැන නම් නෙවෙයි කියන්න යන්නේ.. 
මේක මට හම්බ උන පොඩි software එකක්.
ඒකත් හම්බ උනේ අම්බානෙක කට්ටක් කාලා.
අපේ පන්සලේ හාමුදුරුවන්ගේ බණක් යනවා radio එකේ ඒක record කරලා දෙන්න කියලා මට කිව්වා .
මාත් ඉතින් පොර වගේ වැඩේ බාරගත්තා.
සීන් එක කියන්නේ මේක හිතපු තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා මට තේරුනේ වැඩේ කරන්න යනකොටයි මොකද jetaudio වගේ player එකක් පාවිච්චි කරන කොට recording එකේ අම්බානෙකට එක noise එනවා recording එක clear නැහැ .
මොන දෙයියන්ට කියන්නද... කොහොම හරි කලිසම ගලවා ගන්න බැහැ නේ.. මම ඉතින් Google වල කොටලා කොටලා යාන්තම් එකක් හොයා ගත්තා . 
අන්න ඒක තමයි මම අද ඔයාලට දෙන්න හදන්නේ.
පාවිච්චි කරන්න හරිම ලේසි 10 MB විතර පොඩි software එකක් මේක  
 අපි install කරගත්තම ඒකෙන් add-on එකක් අපේ browser එකට install වෙනවා හැබැයි පුතෝ මේක support කරන්නේ Firefox සහ IE(Internet Explorer) වලට විතරයි.
මම ගාව chrome එක තිබ්බා ඒකට support කරන්නේ නැහැ.
අනික් ඒවා ගැන නම් මම දන්නේ නැහැ.
install කරගත්තට පස්සේ browser එකේ මෙහෙම

  
tool bar එකක් පෙනේවි .
ඊට පස්සේ ඉතින්.. ගොඩම තමා.
අපිට ඕනි එක record කරගන්න තමයි තියෙන්නේ.
හරිම ලේසියි recording එකේ quality එකත් මරු.
ආ...... මට link එක දෙන්න අමතක උනා නේ.... මෙන්න මෙතනින්  ඔයගොල්ලොත් බා ගන්න

Stay Connected With Free Updates

Subscribe via Email

3 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

Anonymous said...

කරලා බලන්න ඕනෙ. ගොඩක් ස්තූතියි කිවුවට...