සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(viii-කොටස)

12:20 PM
1 ප්‍රතිචාර
අප්පා........... කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා නේ... අම්බානෙකට වැඩ 
 මට එපා....... වෙලා තියෙන්නේ ...
 මොනා කරන්නද?
අද මම පොඩ්ඩක් ලිනක්ස් commands ගැන කියන්නයි යන්නේ.. 

මොකද ලිනක්ස් commands ගැන හොද දැනීමක් තියෙනවනම් ආයේ ඉතින් කියලා වැඩක් නැහැ ගොඩම තමයි.... ඒක නිසා අද මම මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්.
 
     මුලින්ම මම කියන්නම් ls කියන command එක ගැන. ඒකෙන්           කෙරෙන්නේ directory එකක තියෙන files ටික display කරන එක  හරියට නිකම් වින්ඩෝස් වල dir command එක වගේ.
මේකෙදී අපිට පුලුවන් attributes විදිහට -l,-a,-aR වගේ ඒවා පාවිච්චි කරන්න.  
උදාහරනයක් විදිහට ls –l වලින් කෙරෙන්නේ පත list එකක් display කරනවා. directory එකේ තියෙන files වල type, permissions, owners, filesize, access time වගේ දේවලුත් එක්ක.
එතකොට ls –a වලින් කරන්නේ අදාල directory එකේ තියෙන සියලුම files ටික display කරනවා hidden files ඇතුලුව. දැන් මේ directory එකේ තියෙනවා කියලා හිතමුකෝ hidden directory  එතකොට ඒවාගේ ඇතුලේ තියෙන ඒවත් බලා ගන්න පුලුවන් ls –aR කියන එකෙන්.
මතක තියාගන්න මෙතන කැපිටල් R සිම්පල් r නෙමෙයි සිම්පල් r ගැහැවුවොත් එන්නේ වෙන result එකක් .
මොකද ලිනක්ස් කියන්නේ case sensitive os එකක් නිසා.

ඊලගට අපි බලමු cd කියන command එක ගැන cd /path වලින් absolute path එකට අදාල file directory එක open කරන්න පුලුවන් .
 cd path එකෙන් relative path එකෙන් අදාල file directory එක open කරන්න පුලුවන්.
මම හිතනවා ඔයගොල්ලන්ට absolute path සහ relative path ගැන මතක ඇති කියලා.
එතකොට cd .. කෙරෙන්නේ එක level එකකින් එලියට එන එකයි

තවත් cd command එකක් තියෙනවා cd ~ කියලා ඒකෙන් කෙරෙන්නේ අපේ working directory එක අපේ home directory එකට මාරු කිරීමයි.

තවත් මහ පත command එකක් තියෙනවා pwd කියලා.
ඒකෙන් කෙරෙන්නේ අපේ working directory එක පෙන්නන එකයි.

කෙලියනේ....... මම කලින්ම කියන්න හිතපු එකක් කියන්න අමතක උනා.
  කමක් නැහැ දැන්වත් කියනවා මොනා කරන්නද? 
 ලිනක්ස් වල hidden files තියෙනවනේ හැම එකකම මුලට dot(.) එකක් එනවා මොකද hidden කියලා වෙනම attribute එකක් ලිනක්ස් වල නැහැ.

තවත් commands ටිකක් තියෙනවා ඒවා අපි categorize කරනවා viewing & searching commands විදිහට.

ඒවාගෙන් අපි මුලින්ම බලමු cat කියන එක ගැන.
එක පාවිච් කරන්නේ මෙහෙමයි cat filename මෙතන file name එක විදිහට අපිට ඕනි file එකේ නම දෙනවා .උදාහරනයක් විදිහට cat /etc/lilo.conf ගමු .
එතකොට මේකෙන් කරන්නේ lilo.conf කියන file එකේ තියෙන විස්තර display කිරීමයි.

මේ ලිනක්ස් වල තියෙන තවත් සුවිෂේශත්වය තමයි එක command එකක output එක යොදා ගෙන තවත් command එකක input එකක් විදිහට සහ තවත් file එකකට write කරන්න භාවිතා කරන්න පුලුවන් වීම.

අපි මේ සදහා | (pipe), >,>>,< කියන symbols භාවිතා කරනවා.

අපි දැන් මේ එක එකක් ගැනම වෙන වෙනම බලමු.
  මුලින්ම | (pipe) එක ඒකෙන් කරන්නේ එක command එකක output එක තවත් command එකක input එකක් විදිහට පාවිච්චි කරනවා.
උදාහරනයක් විදිහට ගත්තොත් ls –l | less කියන command ඒකෙන් වෙන්නේ ls -l වලින් එන output එක  less කියන paging  program එකේ input එකක් විදිහට අරගෙන display කිරීමයි.

මට නම් දැන් ඇති.... වගේ .....ඉතිරි ටික ඊලග ලිපියක ලියන්නම්.

 ආ..! මට අමතක උනා නේ........ මගේ කලින් ලිපියක එක්කෙනෙක් අහලා තිබුනා උබුන්ටු 10.4 වල wireless network connection එකක් හදා ගන්නේ කොහොමද කියලා අනේ!.. මට ඒක check කරන්න බැරි උනා නේ!
මම ඒක check කරලා බලලා ලිපියක් ඉදිරියේ දවසක ලියන්නම් .

 සොරි හොදේ........ 

Stay Connected With Free Updates

Subscribe via Email

1 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.