සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(iv-කොටස)

12:52 PM
2 ප්‍රතිචාර
ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අදත් ලිනක්ස් ගැන පොඩ්ඩක් කියන්නයි හදන්නේ.

අද මම කියන්නේ.............. ලිනක්ස් වල file system hierarchy එක  ගැනයි.

මේ file system hierarchy එකට  standard එකක් තියෙන්වා අපි ඒකට කියනවා file system hierarchy standard (FHS) කියලා.

 මම කතාකරන්න යන්නේ මේ file system hierarchy standard ගැනැයි.

ලිනක්ස් වල අපිට දක්නට ලැබෙන්නේ එක root directory එකක් විතරයි.
ඒක නිසා අපි කියනවා ලිනක්ස් වල තියෙන්නේ unified file system එකක් කියලා.
අපි මේක windows එක්ක සන්සන්දනය කරලා බැලුවොත් windows වල හැම එකකටම වෙනම වූ root directory එකක් තියෙනවා ඒවා වලට විතරක් නෙමෙයි cd-rom එකට usb drive එකට පවා වෙනම root directory එකක් තියෙනවා.
ඒවා C:\, D:\... ඔය විදිහටනේ තියෙන්නේ නමුත් ලිනක්ස් වල එහෙම නැහැ එක වෙනම root directory එකක් විතරයි තියෙන්නේ.

වගේම ලිනක්ස් මෙහෙයුම් පද්දතිය case sensitive මෙහෙයුම් පද්දතියක් කියන්නේ අපි files වලට directory වලට ලබා දෙන නම් වල capital simple අනුව ඒවා වෙනස් වෙනවා.
උදාහරයක් හැටියට ගත්තොත් My documents සහ my documents කියන්නේ files දෙකක්.

මම මුලින්ම රූප සටහනකින් පෙන්නන් නම් මේ file system hierarchy එක.


දැන් මේ රූප සටහනට අනුව එක root directory එකක් යටතේ අනික් ටික තියෙනබව පේනවා ඇති.
මම දැන් එක එක directory එකක් ගැන විස්තර කරන්නම්.

මුලින්ම අපි බලමු bin directory එක ගැන.
ඒක පෙන්නන්නේ මේ විදිහට  /bin
මොකද ඒක තියෙන්නේ root directory එක ඇතුලේ නිසා “ / ” මේකෙන් පෙන්නන්නේ root directory එක.
bin directory එකේ තියෙන්නේ binary commands ඒකියන්නේ අපිට execute කරන්න ඕනිවෙන binary commands තියෙනවනේ අන්න ඒ ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ.

ඊලගට අපි බලමු boot කියන directory එක ගැන ඒක පෙන්නන්නේ මේ විදිහට /boot
boot directory එකේ තියෙන්නේ kernel සහ boot loader කියන files ටික.
ඒකියන්නේ machine එක boot වෙන්න ඕනි files ටික තමයි boot directory එකේ තියෙන්නේ.

එතකොට තව එකක් තියෙනවා dev directory කියලා ඒකේ තියෙන්නේ devices files ඒකියන්නේ.
මම කලින් ලිපියක කිව්වානේ ලිනක්ස් වල තියෙන හැම එකක්ම තියෙන්නේ file එකක් විදිහට තියෙන්නේ කියලා එතකොට විදිහට තියෙන devices files තියෙන්නේ මේ dev කියන directory එකේ.

අප්පට සිරි!.... ලිපිය අම්බානෙකට දිග වුනා මම ඉතිරි ටික ඉදිරි දවසක ලියන්නම්.

Stay Connected With Free Updates

Subscribe via Email

2 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

budhajeewa said...

ලිපිය අම්බානකට දිග නෑ බං. කියවන්න පටංගත්තු ගමං ලිපිය ඉවරයි නෙව. මේ වගේ දෙකහමාර ගුණයක් උනත් දික් උනාට කමක් නෑ.

Jeewan said...

නැහැ! machan මම හිතුවේ අම්බානෙකට දිග වැඩි වුනා කියලා.... boring වුනොත් අපරාදෙනේ.......