සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

සිරගත වීම

7:13 PM
0 ප්‍රතිචාර
මගේ යාලුවෙක් සිරකරුවා කියලා බ්ලොග්  1 කරනවා ඉතින් ඒකේ theme 1  විදිහට පොර දාලා තියෙන්නේ සිරකරුවෝත් මනුශ්‍යයෝ ය කියලා .
නමුත් ඔවුන් සිරගත වන්නේ ඇයි කියන එක කවුරුවත් හොයන්නේ නැහැනේ. 
මම මේ දැන් කියන්න යන සිදුවීම උනේ අද උදේ.
මම අද උදේ ගියා කච්චේරියට මොකද මගේ driving licence 1 තියෙන නම වැරදියි. 
වැරදියි කිව්වට මහා ලොකු වැරැද්දක් නැහැ එකේ වෙලා තියෙන්නේ වාසගම මුලට දාලා.  
අපේ එවුන්ට ඕකත් ඇතිනේ කන්න ඕනි වෙනකොට කබර ගොයත් තලගොයා වෙන වනේ 
ඒක නිසා මම ඒකට යනකොට වෙනදා වගේ ඉස්පිරිතාලේ පාරෙන් දාලා තමයි යන්නේ නැත්තම් හෙන රවුමක් ගහන්න වෙනවා.
මම දැක්කා මාංචු දාගත්ත එක සිරකරුවෙක් පාරෙ යන එන අයගෙන් මොනාද ඉල්ලනවා. 
ඊට ඈතින් ජේලර්වරයත් ඉන්නවා.    
මම ඉතින් ඒ දිහා බලා ගෙන පොර ගාවට කිට්ටු උනා පොරගේ පෙනුම දැක්ක ගමන් මට හිතුනා මොන එහෙකට මේකට ආවද මන්දා කියලා
 ඒ තරමට අහින්සක පෙනුමක් පොරට තියෙන්නේ එච්චර වයසකුත් නැහැ 30 විතර ඇති කොහොම හරි මම දැක්ක ගමන් පොර 
"මල්ලි තියෙනවනම් මට රුපියල් දහයක් දෙන්න තේ එකක් බොන්න" කියලා කිව්වා
මට නිකම් මාර අප්සෙට් 1 ඊට පස්සේ මම මොකද කලේ එතනම තියෙන කැන්ටිමට ගිහින් හොද එලකිරි වීදුරුවක් අරන් දුන්නා .
මේ පොර ඒක සුරුස් ගාලා ඇදලා දැන්මා මම තව එකක් අරන් දෙන්න හැදුවම පොර කිව්වා
 "එපා මල්ලී ඔයාට ගොඩා....ක් ස්තුතියි!"
 කියලා කිව්වා හැබැයි ඒක මට ඇල්ලුවේ නැහැ මොකද
 මට දැනුනේ පොර පොශ් පොරක් ද කොහෙද කියලා 
මොකද සාමාන්‍ය මිනිහෙක් ස්තුතියි කියනවා වගේ නෙමයි ඒකයි. 
ඊට පස්සේ මම හිමිහිට පොරගෙන් ඇහුවා මොකක්ද අයියේ සිද්ද උනේ කියලා 
පොර හෙමීට පොරගේ ස්ටෝරිය කියන්න පටන් ගත්තා 
 පොර කලින් විධායක ශ්‍රේණියේ හිටපු නිලධාරියෙක් ලු පොර හිරේට එන්න උන විදිහ පොර කියපු විදිහටනම්,
පොරට ලමයි දෙන්නෙක් ඉන්නවාලු, පොර කසාද බැදලා තියෙන්නේ ඉස්කෝල යන කාලේ ඉදන් ලව් කරපු කෙල්ලව, 
පොර පවුලටත් ලමයින්ටත් හෙන....... ආදරෙන් ඉදලා තියෙනවා. දැනටමත් ඒකේ වෙනසක් නැහැ කියලා මට හිතුනා මොකද මේ කතාව කියන කොටත් පොරගේ ඇස් වල කදුලු පිරිලා. 
පොර කවදාවත් තමුන්ගේ නෝනට වචනෙකින් වත් දෝසයක් කියලා නැහැ නෝනට හොදට නිදහස දීලා තිබුනාලු 
ඔහොම කාලයක් යනකොට පොරගේ නෝනා ගැන එක එක කට කතා පැතිරුනාලු. 
පොර ඒවා තඹයකටවත් ගනන් අරගෙන නැහැ. 
නමුත් පොරට තේරුනා ලු මොකක් හරි අමුත්තක් නමුත් ඒක එච්චර ගනන් අරගෙන නැහැ. 
දවසක් පොරට තදබල උනක් හැදිලා පොර වෙනදාට වඩා ටිකක් කලින් ගෙදර ගිහින් තියෙනවා.
ඒ යනකොට පොර දැක්කාලු තමුන්ගේ නෝනා වෙන පිරිමියෙක් එක්ක තුරුලු වෙලා ඉන්නවා.
නමුත් පොර හදිස්සිවෙලා නැහැ පොර වෙනදා වගේ වැඩ කටයුතු ටික කරගෙන තියෙනවා.
ඔහොම ඉන්න කොට ටික දවසකින් ගෑනි දික්කසාදය ඉල්ලුවාලු.
 පොර කිව්වාලු ලමයි දෙන්නා ගැන හිතලාවත් මේ තීරණය වෙනස් කර ගන්න කියලා  පොර වැඩට ගිහිල්ලා. 
ඔහොම ඉන්නකොට පොලීස්සියෙන් office 1 ඇවිල්ලා තියෙනවා පොරව අත් අඩංගුවට ගන්න, චෝදනාව වෙලා තිබ්බේ තමුන්ගේ බිරිදට මරණීය තුවාල කිරීම. 
පස්සේ නීතිය ඉදිරියට ගියාම පොරගේ නෝනගේ lawyer විදිහට ඉදලා තියෙන්නේ එදා පොරගේ ගෙදර හිටිය හොර මිනිහලු.  
පස්සේ පොර වැරදිකරයා කලාලු.
 ලමයි දෙන්නා ලමා නිවාසයකට භාර කලාලු .
පොර ඔය ගෑනිව බැදලා තියෙන්නේ පොරගේ ගෙදරත් එක්කත් තරහා කරගෙන. 
පොර මේක කියලා ඉවර කරගන්න බැරි උනා පොරට කතා කරගන්න බැරි තරමටම ඇඩෙනවා.  
පොර අන්තිමට කිව්ව දේ තමයි
"මේ ගෑනු කියන්නේ මොන විදිහටවත් සතුටු කරන්න බැරි ජාතියක්!" කියන එක. 

Stay Connected With Free Updates

Subscribe via Email

0 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.