සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

නවක වදය

7:52 PM
3 ප්‍රතිචාර
මේ සිද්දිය සිද්ද උනේ අපි ස්කෝලේ A/L කරනකොට.
O/L පාස් වෙලා A/L වලට ගියාම අපිත් එක්ක වෙනත් ස්කෝල වලින් ආපු කට්ටියත් හිටියා.
අපේ ජ්‍යෙෂ්ඨ සිසුන් ලොකු උත්සවයක් එහෙම කරලා අපි පිලිගත්තයි කියමුකෝ ඊට පස්සේ තමයි කෙලිය පටන් ගත්තේ.......
මේ කට්ටිය එකතු වෙලා අර පිටින් ආපු නවකයන් අල්ලගෙන බයකරන්න පටන් ගත්තා.
සමහරු නවක නංගිලාටත් බැල්ම දානවා අපි දැක්කා.
ඕවා අපිට සාමාන්‍ය දේවල් නිසා අපි ඉතින් හිනා වෙවී හිටියා.
පස්සේ අපි මේ කට්ටිය එක්ක කතා කරන්න ගියාම උන් අපිටත් බයේ තමයි හිටියේ..........
කොහොම හරි අපිත් එකෙක් අල්ලගෙනෙ කතාවට සෙට් කරගත්තයි කියමුකෝ.
ඉතින් ඔහොම තොරතුරු කතා කරකර ඉන්න කොට අපේ එකෙක් අහපි එතෙන එකෙක්ගෙන්,

"තෝ..! ඩබල් බලනවා නේද? "

යන්න විමසීය.    
එවිට මොහු එකපාරටම,

"මොනාද බන් ඩබල් කියන්නේ පිස්සු ඩබල් ද? "
යැයි ඔහු පෙරලා  ඇහුවෙ නෙතැයි.

ඊට පස්සෙ අපේ යක්කු ටික බඩ අල්ලගෙන  හිනා වෙන්න පටන් ගත්තා.
ඒත් එක්කම මෙවන් උත්කෘශ්ට ප්‍රශ්නය නගපු සහෝදරයා මද වේලාවකට සොයා ගෙනීමතත් නොහැකි විය.
පසුව අපේ මේ සහෝදරයාට ඩබල් කියලා කාඩ්  1 වැටුනා.
හැබැයි මේ ඩබල් කවුද කියලානම් කියන්නේ නැතෝ.......................... 
     

Stay Connected With Free Updates

Subscribe via Email

3 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.

Anonymous said...

බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.
Posted on 2012 ජනවාරි 15 by Shan


දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

ආමේන්

Jeewan said...

@Anno උබට දෙයියන්ට ස්තූති කරන්න ඕනි නම් ඕ.....න මලදානෙක ගිහින් කර ගනින්! ඔකට මගෙ Blog එකේම ඕනිද?

Jeewan said...

@Ano උබලා මොනාද බන් කැම්පස් ගැන දන්නේ....
නිකාම් බොරුවට දොඩවනවා...
හොදට ඇස් ඇරලා බලහන් ඔය පොස්ට් එක මොකක්ද කියලා.....
:D