ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අදත් ලිනක්ස් ගැන පොඩ්ඩක් කියන්නයි හදන්නේ.
අද මම කියන්නේ.............. ලිනක්ස් වල file system hierarchy එක ගැනයි.
මේ file system hierarchy එකට standard එකක් තියෙන්වා අපි ඒකට කියනවා file system hierarchy standard (FHS) කියලා.
මම කතාකරන්න යන්නේ මේ file system hierarchy standard ගැනැයි.
ලිනක්ස් වල අපිට දක්නට ලැබෙන්නේ එක root directory එකක් විතරයි.
ඒක නිසා අපි කියනවා ලිනක්ස් වල තියෙන්නේ unified file system එකක් කියලා.
අපි මේක windows එක්ක සන්සන්දනය කරලා බැලුවොත් windows වල හැම එකකටම වෙනම වූ root directory එකක් තියෙනවා ඒවා වලට විතරක් නෙමෙයි cd-rom එකට usb drive එකට පවා වෙනම root directory එකක් තියෙනවා.
ඒවා C:\, D:\... ඔය විදිහටනේ තියෙන්නේ නමුත් ලිනක්ස් වල එහෙම නැහැ එක වෙනම root directory එකක් විතරයි තියෙන්නේ.