සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Mysql root password එක reset කරන විදිහ

10:41 PM
6 ප්‍රතිචාර

මට වැටුනොත් ඉතින් ලෙඩක්මනේ මේ සීන් එකත් මට වෑටිච්ච හුටපටයක්ම තමා. :( 
live දුවන product එකක database එක මොකෙක්ද ගෝතයෙක් මකලා (හිනා යන සීන් එක කියන්නේ මු මකලා තියෙනේ database එක විතරක් නම් මදෑ mysql වල තියෙන data node) එක අයියෝ සල්ලී... :D 
මේකයි සීන් එක වෙලා තියෙන්නේ...
 අපි live දුවන servers වල alert එකක් එන්න සෙට් කරලා තියෙනවා මොකක් හරි කේස් එකක් උනාම.
 ඒ කිව්වේ උදාහරනයක් විදිහට live server 1 disk usage 1 වැඩි උනාම ඒ ගැන අපේ phone එකට alert එකක් එන්න අපි සෙට් කරලා තියෙනවා .
කොහොම හරි එදත් ඔය කියන විදිහට disk usage එක high කියලා alert එක ඇවිල්ලා.
 අපේ බුවා මොනවද කරලා තියෙන්නේ live server එකට ලොග් වෙලා ලොක්කා වගේ mysql data node එකට ඇදලා ඇරලා. 
ඊට පස්සේ product එක වැඩ නැල්ලූ(වැඩ කොරයි ඇයි mysql වැඩ නැතුව :D ) .
හොද වෙලාවට මම කෝකටත් කියලා database එක backup වෙන්න script එකක් සෙට් කොරලා තිබ්බා(දන්නවනේ අපේ උන්ගේ හැටි ඔය වගේ ආතල්මනේ දුන්නොත් දෙන්නේ).
පස්සේ කොහොම හරි බුවා ඒ backup අරගෙන සීන් එක ගොඩදාගෙන.
 මම සුපුරුදු පරිදි කලින් user details වලින් database එකට ලොග් වෙන්න try කරනවා ඒත් හරියන්නෙම නෑ(හරි යයිද මේ යක්ශයා කරලා තියෙන දේට :@ ) 
මූ මොකක්ද කරලා තියෙන්නේ.... මුගෙ තියෙන කලබලේට mysql up කරලා තියන root user password එක මතක නෑතුවනේ.... අපොයි මොන දෙයියන්ට කියන්නද.... :(
 මටනේ responsibility එක තියෙන්නේ 
පහුවෙනිදා රෑ client inform කරලා password එක ආයේ reset කොලා.
 ඒක කොරපු විදිහ තමයි දැන් වමාරන්න යන්නේ.