සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

Linux ගැන(iii-කොටස)

7:31 PM
4 ප්‍රතිචාර
අද මම කියන්න යන්නේ ලිනක්ස් වල file type එක ගැන.
ලිනක්ස් වල හැම එකක්ම file එකක් හැටියට තමයි සලකන්නේ කියන්නේ CD/DVD-ROM, Hard drives, usb /flash drives … හැම එකක්ම ලිනක්ස් සලකන්නේ file එකක් හැටියට.
ඒකේ වාසියකුත් තියෙනවා එතකොට අපිට කරන්න තියෙන්නේ මූලික ක්‍රියාවලි 4 පමනයි.
කියන්නේ අපිට file එකක කරන්න තියෙන්නේ file එකක් read කරන්න, write කරන්න, open කරන්න සහ close කිරීම කියන ක්‍රියාවලි  පමනයි.
  
ලිනක්ස් වල මූලික වශයෙන් කොටස් තුනකට දක්වන්න පුලුවන්.
ඒවානම් directory, normal file සහ special files හැටියටයි.

Linux ගැන(ii-කොටස)

7:24 PM
2 ප්‍රතිචාර
මලා......... මට ඊයේ ලිනක්ස් වල ඉතිරි කොටස ලියන්න බැරි උනානේ, ඊයේ දවසම අපිට කරන්ට් එක නැහැ මොනවා කරන්නද මේ වෙලාවට තමයි මටත් හිතෙන්නේ මර්වින් සිල්වා වෙන්න මොකද මේක අසියාවේ ආස්චර්ය්‍ය නේ.
මලා ආයෙත් වැරදුනා මගේ කට පරිස්සම් කරගන්න බැහැනේ මාවත් හිරගෙට දායිද දන්නේ නැහැ ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා අනේ මම එහෙම දෙයක් කිව්වේ නැහැ.
 අපි හිමීට ලිනක්ස් වලට බහිමු නැත්නම් මම මොනවා කියයිද කියලා මම වත් දන්නේ නැති නිසා.

එදා මම කිය කිය හිටියේ ලිනක්ස් වල ඉතිහාසය ගැන.
අපි අද බලමු කොහොමද ලිනක්ස් වල architecture එක කොහොමද කියලා.

Linux ගැන(i-කොටස)

5:44 PM
1 ප්‍රතිචාර
මට Linux ගැන ලියන්න හිතුනේ අපේ ගොඩක් බ්ලොග්කරුවන්  ඒගැන ලොකු උනන්දුවක් දක්වන බවක් පෙනුන නිසා.
ඉතින් මම දන්න ටික මේකේ ලියන්නම් මම ඒවාට reference විදිහට යොදාගන්නේ Wikipedia සහ මම ඉගෙනගත්තු දේවල් ඉතින් මම ලියන ඒවා වැරදිනම් ඒවා නිවැරදි කරන ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. 

එහෙනම් ඉතින් නමෝ විත්තියෙන්ම අපි වැඩේට මුල පුරමු.

මුලින්ම අපි බලමු කොහොමද ලිනක්ස් වල උපත කොහොමද සිද්ද උනේ කියලා.

ලිනක්ස් බිහිවුනේ යුනික්ස් කියන මෙහෙයුම් පද්ධතිය මූලාශ්‍රය කරගෙන.

සිරගත වීම

7:13 PM
0 ප්‍රතිචාර
මගේ යාලුවෙක් සිරකරුවා කියලා බ්ලොග්  1 කරනවා ඉතින් ඒකේ theme 1  විදිහට පොර දාලා තියෙන්නේ සිරකරුවෝත් මනුශ්‍යයෝ ය කියලා .
නමුත් ඔවුන් සිරගත වන්නේ ඇයි කියන එක කවුරුවත් හොයන්නේ නැහැනේ. 
මම මේ දැන් කියන්න යන සිදුවීම උනේ අද උදේ.
මම අද උදේ ගියා කච්චේරියට මොකද මගේ driving licence 1 තියෙන නම වැරදියි. 
වැරදියි කිව්වට මහා ලොකු වැරැද්දක් නැහැ එකේ වෙලා තියෙන්නේ වාසගම මුලට දාලා.  
අපේ එවුන්ට ඕකත් ඇතිනේ කන්න ඕනි වෙනකොට කබර ගොයත් තලගොයා වෙන වනේ 
ඒක නිසා මම ඒකට යනකොට වෙනදා වගේ ඉස්පිරිතාලේ පාරෙන් දාලා තමයි යන්නේ නැත්තම් හෙන රවුමක් ගහන්න වෙනවා.

ජරබරාස්

7:05 PM
0 ප්‍රතිචාර
මේ සිද්දියත් උනේ අපි A/L කරන කොට.
ඒකත් අපේ ඩබල් සහෝදරයාට වෙච්ච ඇබැද්දියක්.
කට්ටිය හිතනවද දන්නේ නැහැ මම එක එකාට මඩ ගහනවා කියලා 
මූලික පරමාර්ථය ඒක නොවුනත් මේවා සත්‍ය සිදුවීම්.
අපි ඉතින් ඒ දවස් වල පිස්සුවෙන්ම තමයි කාලය ගත කලේ.
  කෙනෙකුට කියන්න පුලුවන් දැන් කියලා ලොකු වෙනසක් නැහැනේ කියලා
 මම දන්නේ නැහැ ඒක ඇත්තක් ද කියන්න 
කොහොම හරි අපි ස්කෝලේ ගියාට මොකෝ අපි පන්තියේ නම් හිටියේම නැහැ 

ඇපල් පැපොල්

11:49 AM
1 ප්‍රතිචාර
මම මේ කියන්න යන සිද්දිය උනත් අපි A/L class යනකොට.
ඉතින් අපි ක්ලාස් යන්න බස් stand 1 වෙලා ඉන්න කොට, අපේ පුරුද්දක් තිබුනා අපි බස් නගින්නේ බස් අද්දනකොට.
එතකන් අපි ඉතින් වටපිට සිරි නරඹනවා.
ඉතින් ඔහොම ඉන්න අතරේ, අපි දැක්කා ඈතින් ලස්සන ගෑනු ලමයෙක් එනවා.
අපිත් ඉතින් මොකද කරනේ කට ඇරගෙන බලා හිටියා.
මම  ටිකක් වට පිට බලන කොට තමයි තේරුනේ මේක දිහා බලා ඉන්නෙ අපි විතරක් නෙමයි කියලා
සමහරුන්ගේ කටවල් දෙපැත්තෙන් කෙලත් බේරෙනවා. 
මට කියන්න හිතුනා නොදකින් පෙරේතයෝ කියලත් ඒ උනාට එහෙම කියන්න බැහැනේ බස් stand 1 නේ...... ගුටිත් කන්න වෙන නිසා  
කොහොම හරි ටික වෙලා වක් යන කොට මට ඇහුනා අපෝ නොදකින් වගේ වචන
මම හැරිලා බලන්කොට තමයි seen 1 තේරුනේ      
ඊත පස්සේ අපේ එකෙක් කියපි "අපෝ දුරට ඇපොල් ලගට පැපොල්" කියලා
අපේ එවුන්ට මේක ඇතිනේ මුන්ටික මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා 
දැන් ඉතින් පොරට හෙන කින්ඩියනේ මූ ඒකෙන් බේරෙන්න හිතා ගෙන  
"නැහැ මචන් දුරට ඇපල් ලගට පැපල්" කියලා කිව්වා 
ඒක ඇහිච්ච අපේ අයියලා ටික ආයේ මූට හිනා වෙන්න පටන් ගත්තා 
ඉතින් මූට මල නෝන්ඩියනේ 
මූ කියපි "නැහැ මචන් දුරට ඇපල් ලගට ඇපල්" කියලා  
මේකට අපේ එවුන් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා සමහරුන්ගේ ඇස් වලින් කදුලුත් එනවා
ඒ අතරේ වටේ ඉන්න මිනිස්සු කියනවා මට ඇහුනා කුඩු කාරයෝද කොහෙද කියලා සමහරු කිව්වා පිස්සෝ ටිකක් කියලත් ඇයි ඉතින් අපි මහ හයියෙන් හිනා වෙන්නේ stand 1 මැදනේ 
කොහොම හරි එදා සිට මේ දක්වා පොරට ඇපල් ගෙඩියක් පෙන්නුවත් ඇති දෙමාපියන් සිහි කර ගන්න. 

ඇටේ අයියා

6:48 PM
0 ප්‍රතිචාර
 මම මේ කියන්න යන්නේ අපේ campus 1 පොරක් කරපු දෙයක් ගැන.
පොර අපේ down-south  හි හුරුබුහුටි කඩවසම් තරුණයෙකි.
ඔන්න ඉතින් අපි campus 1 ආපු අලුත තමයි මේ සිද්දිය උනේ.
ආපූ අලුත නිසාද දෙන්නේ නැහැ අපිට එහි වතුර ඇල්ලුවේ නැහැ.
සෙට්  1 ම හැදුනා බඩේ අමාරුව.
මොනා කරන්නද සේරටම යන්න උනා hospital 1.
අපිත් එක්ක ඇටයාත් ගියා පොර තමා අන්තිමටම ගියේ.
ඊට පස්සේ doctor ඇහැව්වාලු,

"මොකද ලෙඩේ ? ලූස් මෝශන් ද ? "

කියලා.
ඇටයා ගත්ත කටටම කිව්වාලු,

"දන්නේ නැහැ! doctor මගේ බඩ යනවා"

කියලා කිව්වාලු.
පස්සේ doctor හිනා වෙලා බෙහෙත් ටික ලියලා ඒවා පාවිච්චි කරන විදිහ එහෙම කියලා දීලා,
යන්න කිට්ටු වෙලා ආයෙත් පොරගෙන් ඇහැව්වාලු

"ලූස් මෝශන් නේද ?" 

කියලා.
මූ මොකක්ද කියලා තියෙන්නේ 

"නැහැ නැහැ මට මෝශ් ලූසන්! " 

කියලා.
කොහොම හරි මේ සිද්දිය ගැන ඇටයා hostal 1 එන්නත් කලින් එක දෙක වෙලා පැතිරිලා.
අපේ එවුන් ඌට ඉන්න දුන්නේ නැහැ.
එදා ඉදන් මටත් බඩේ අමාරුවක් හැදුන ගමන් අපේ ඇටයා මතක් වෙනවා.   
      

පූසා

6:57 PM
2 ප්‍රතිචාර
මේ සිද්ධිය අපේ යාලුවෙක් දවසක් කරපු රගපෑමක් ගැනැයි.
ඒකත් උනේ අපි A/L කරන කොට.
අපි ඉතින් කොයි වෙලෙත් ඉන්නෙ ගායෙන් මනේ.
තව 1 නෝන්ඩි කරන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නැහැ. 
ඉතින් ඔහොම ඉන්න කොට, 
අපේ කොල්ලෙක්ගේ තාත්තා ගෙදරට
අරක්කු බෝතලයක් ගෙනත් හන්ගලා තියලා.
අපේ මෑන්ස් මොකද කරලා තියෙන්නේ
 මුගේ තියෙන බඩජාරි කමට 
කවුරුවත් ගෙදර නැති වෙලේ මූ ඒකට වැඩේ දීලා.
පස්සේ පොරගේ තාත්තා ඇවිත් බලනකොට  මල ජන්ජාලයයි බොතලේ හිස්!.

ඊට පස්සේ තාත්තා පොරගෙන් ඇහැව්වාලු,

"පුතා!. මේ බෝතලේ තිබ්බ එවට මොකද උනේ?"
 කියලා.
 පොර ගත්ත කටටම කිව්වාලු,

"මම දන්නේ නැහැ පූසා වත් බොන්න ඇති!"

මේ සීන් එක අහගෙන හිටිය අපේ මෑන් කෙනෙක් ඕක පන්තිය පුරාම ප්‍රචාරය කලා. 
එදා ඉදන් පොරට පූසෙක් ගැන මතක් කරන එකාට..........
 දෙයියන්ගෙම පිහිටයි!... 

නවක වදය

7:52 PM
3 ප්‍රතිචාර
මේ සිද්දිය සිද්ද උනේ අපි ස්කෝලේ A/L කරනකොට.
O/L පාස් වෙලා A/L වලට ගියාම අපිත් එක්ක වෙනත් ස්කෝල වලින් ආපු කට්ටියත් හිටියා.
අපේ ජ්‍යෙෂ්ඨ සිසුන් ලොකු උත්සවයක් එහෙම කරලා අපි පිලිගත්තයි කියමුකෝ ඊට පස්සේ තමයි කෙලිය පටන් ගත්තේ.......
මේ කට්ටිය එකතු වෙලා අර පිටින් ආපු නවකයන් අල්ලගෙන බයකරන්න පටන් ගත්තා.
සමහරු නවක නංගිලාටත් බැල්ම දානවා අපි දැක්කා.
ඕවා අපිට සාමාන්‍ය දේවල් නිසා අපි ඉතින් හිනා වෙවී හිටියා.

ගැහැනිය

9:51 PM
0 ප්‍රතිචාර
"සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස සිටින්නේ ගැහැනියෙකි!" යැයි කියමනක් තිබේ. 
 නමුත් දැන්, එය සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් කිහිපදෙනෙක් සිටිති බවට පෙරලී ඇත. 
මෙහි සත්‍යතාව කෙසේ උවත්, sure 1ටම සෑම අසාර්ථක පිරිමෙයෙකු පිටුපස නම් අනිවාර්යෙන්ම ගැහැනියක් සිටියි!. 

ආගන්තුකයා

5:46 PM
0 ප්‍රතිචාර
මේ සත්වයා මට හමු වූයේ අපේ ගෙවත්තෙන්,  නමුත් මේ මොකෙක් දැයි මම නොදනිමි.
පුලුවන් නම් සොයදෙන්න.

සුහුබුල් අවධ්යේ ඉන්න සමනලයෙක් !

‍‍ඩෙංගු මාරාන්තිකයි!

11:37 AM
0 ප්‍රතිචාර
මේ ජාතික ඩෙංගු මර්ධන සතියයි.
 ඩෙංගු මර්දන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමෙන් ඔබත්, ඔබේ දරුවාත් ඩෙංගු උවදුරෙන් ගලවා ගන්න. 
මේ සදහා ඔබට කිරීමට ඇත්තේ ඉතා සුලු දෙයකි.
ඩෙංගු මදුරුවන් සදහා සුවිෂේශ වූ උපත් පාලන ක්‍රමයක් හදුන්වා දීමයි.මේ සදහා ජාතික ප්‍රතිපතියක් ඩෙංගු මදුරුවන් සදහා පිලියෙල කිරීමෙන් ඩෙංගු උවදුර ඉතා ලාබදායක ලෙස පිටු දැකිය හැක.